Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

මුස්ලිම් කොංග‍්‍රසය, දෙමළ සන්ධානය, ජවිපෙ එකතු වී බලවත් බලවේගයක් ගොඩනගනවා – හකීම්

මුස්ලිම් කොංග‍්‍රසය, දෙමළ සන්ධානය, ජවිපෙ එකතු වී බලවත් බලවේගයක් ගොඩනගනවා – හකීම්

දෙමළ සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග‍්‍රසය ඇතුලූ සුලූ පක්ෂ එක්ව නව බලවේගයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා මහනුවර පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියා. ඒ ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ 29 වන ජාතික නියෝජිත සම්මේලන අමතමින්

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ සදහන් කර සිටියා.

“සුළු සහ සුළු ජාතික පක්ෂ අයින් කර දමන්න පුළුවන් කියා කුමන හෝ ශක්තියක් හිතන්නේ නම් එයට විරුද්ධව සටන් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය සෑම අවස්ථාවකම ඉදිරිපත් වෙනවා. මෙම අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියා සිටිය යුතුයි ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් එකතුව අපි දැන් සැලසුම් කරනවා විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සමඟත් අපේ ප්‍රතිපත්තිවලට එකඟ වන සිවිල් සංවිධාන සමඟත් එක්ව විවෘත එකමුතුවක් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ රටේ සුළු සහ සුළු ජාතික් නියෝජනය කරන පක්ෂවලට විරුද්ධව හට ගන්නා වූ ප්‍රජාතාන්ත්‍ර විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම්ව සිටිනවා. ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාවන් දැනටමත් පවත්වලා තිබෙනවා. ඉතා නුදුරු අනාගතයේදී බලවත් බලවේගයක් ලෙස මෙය ගොඩ නගනවා”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *