මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙක් මිය ගියේ කොරෝනා නිසා නොවේ – යුධ හමුදාපති

මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙකු මිය යාමට හේතුව නව කොරෝනා වෛරසය නොවන බවත් ඔවුන් මියගොස් ඇත්තේ සමාන්‍ය හේතුන් නිසා බවත් වෛද්‍ය පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී තිබේ.

හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ එම පුද්ගලයින් දෙදෙනා විවිධ රෝග වලින් සිට ඇති බවත් ගුවන් හමුදා වෛද්‍යවරුන්ද ඔවුන්ට වරින් වර ප්‍රතිකාර ලබාදීම සිදුකළ බවයි. එබැවින් වයස්ගතවීම නිසා ඇතිව තිබු සාමාන්‍ය අසනීප තත්ත්වයන් මත මෙම පුද්ගලයින් දෙදෙනා මියගොස් ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *