මුරලිදරන්

“මුරලි ඡන්දය ඉල්ලනවාද? නැද්ද?” – මුරලිදරන් සිය ස්ථාවරය හෙළි කරයි

එළැඹෙන මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වදින බව සුපිරි ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු තරග වදින්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් බවත් තමන් මහ මැතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බවද මුරලිදරන් එහිදී ප‍්‍රකාශ කළා. වතුකරයේ ජනතාව වෙනුවෙන් තම සහෝදරයා තරගවැදීමට සූදානම්ව සිටින බවයි ඔහු පැවසුවේ.

වත්මන් රජය වතුකරයේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී තවත් වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ඇතැයි මුත්තයියා මුරලිදරන් විශ්වාසය පළ කරන අතර් ඒ සඳහා ශක්තියක්වීමට තම සහෝදරයා නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින බවයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *