Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් පන්දු යැවීමේ පුහුණුකරු ධුරයෙන් ලසිත් මාලිංග ඉවත්වෙයි; පුහුණුකාර මණ්ඩලයේ තවත් වෙනස්කම් රැසක්

මුම්බායි ඉන්දියන්ස් පන්දු යැවීමේ පුහුණුකරු ධුරයෙන් ලසිත් මාලිංග ඉවත්වෙයි; පුහුණුකාර මණ්ඩලයේ තවත් වෙනස්කම් රැසක්

ඉදිරි 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර සිය පුහුණුකාර මණ්ඩලයේ සිදුකරන පුළුල් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස, හිටපු සුපිරි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, පරාස් මාම්බ්‍රේ (Paras Mhambrey) සහ කාල් හොප්කින්සන් (Carl Hopkinson) යන පුහුණුකරුවන් තිදෙනා සමඟ පැවති සබඳතා අවසන් කිරීමට මුම්බායි ඉන්දියන්ස් (Mumbai Indians) කණ්ඩායම පියවර ගෙන තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය 29 බ්‍රහස්පතින්දා මෙම ඉවත්වීම් නිල වශයෙන් තහවුරු කළ අතර, කණ්ඩායම වෙනුවෙන් ඔවුන් ලබාදුන් සුවිශේෂී දායකත්වයට ස්තූතිය පළ කරමින් ඔවුන්ගේ අනාගත කටයුතුවලටද සුබපැතුම් එක්කර ඇත.

වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩකයෙකු ලෙස නියෝජනය කරමින් අසමසම ජයග්‍රහණ අත්කර දුන් ලසිත් මාලිංග, පසුව කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස 2024 වසරේදී යළි එම කණ්ඩායම සමඟ එක්විය. පරාස් මාම්බ්‍රේද පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අතර, කාල් හොප්කින්සන් පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

මහේලගේ ඉවත්වීමෙන් පසු පොලාඩ් ප්‍රධාන පුහුණුකරු ධුරයට

මෙම ඉවත්වීම් වාර්තා වන්නේ, දීර්ඝ කාලයක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මහතා මෙම මස මුලදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. මහේලගේ ඉවත්වීමත් සමඟ 2027 IPL තරගාවලිය වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් (Kieron Pollard) පත්කර තිබිණි.

පස්වතාවක්ම IPL ශූරතාව දිනාගත් ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙලෙස සිය පුහුණුකාර මණ්ඩලයේ දැවැන්ත වෙනස්කම් සිදුකරමින් සිටින්නේ පසුගිය 2026 තරග වාරයේදී දැක්වූ අතිශය දුර්වල පසුබෑමෙන් අනතුරුවය. කණ්ඩායම් 10ක් තරග වැදුණු එම තරගාවලියේදී ඔවුන්ට හිමිවූයේ 9 වැනි ස්ථානයයි.

කණ්ඩායමෙන් ඉවත් වූ මාලිංග ඇතුළු පුහුණුකරුවන් තිදෙනා වෙනුවට පත්කරන නව පුහුණුකරුවන් කවුරුන්ද යන්න මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *