මුඛ ආවරණ නොමිලේ ලබා දීම රජය විසින් කළ යුතුයි – වසන්ත සමරසිංහ

කොරෝනා වෛරසයෙන් අරක්ෂා වීම සඳහා ජනතාවට නොමිලයේ මුඛ ආවරණ ලබා දීමටවත් ආණ්ඩුව පියවර ගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පවසා සිටියේය.

“වසංගත තත්ත්වයක දී ඒ ගැන ජනතාව දැනුවත් කරන වැඩ සටහන් ලෝකේ පුරාම තියෙනවා. විශේෂයෙන් චීන සංචාරකයින් වැඩි වශයෙන්ම ලංකාවට ඇඳී එනවා, ඒ නිසාවෙන් වහාම අනුරාධපුර ප්‍රධාන රෝහල පමණක් නොවෙයි, සංචාරක කේන්ද්‍රස්ථාන වගේම රෝහල්වලින් ජනතාවගේ ආරක්ෂාවට මුඛ ආවරණ දෙන එක ආණ්ඩුවෙන් කරන්න ඕනි. රුපියල් 5ක් 10ක් වියදම් කරලා මේකක් දුන්නයි කියලා වැරැද්දක් වෙන්නේ නැහැ. බැංකු කඩලා ජනතාවට කරලා තියෙන හානියත් එක්ක බැලුවාම මිනිහෙකුගේ ආරක්ෂාවට මේකක් දෙන එක වටිනවා. මේ තත්වය උත්සන්න වුණොත් ලංකාවේ බාගෙට බාගයක් මැරිලා තමයි විසදුම් හොයන්න වෙන්නේ, ඒ නිසා මේ රෝගය පැතිරෙන එක නවත්තන්න වහාම ආණ්ඩුව ජනතාවට මුඛ ආවරණ ලබා දිය යුතුයි”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *