Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවල ආසාධිතයින් ගණන 12,226ක්

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරුවල ආසාධිතයින් ගණන 12,226ක්

ඊයේ (12) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 373 දෙනාද සමගමේ වනවිට මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඊයේ දිනයේ දී හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 369 දෙනෙකු මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටින ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඉතිරි සිව් දෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.

මේ වන විට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,022කි.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ථ ආසාදිතයින් ගණන 10,653 දෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ සිදුවූ මරණ දෙකත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර පෑලියගොඩ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 12,226ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන් 3,106 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ද, 9,120 දෙනෙක් පෑලියගොඩ මාළු වෙළෙඳපොළ ආශ්‍රිතව නිර්මාණය වූ පොකුරෙන් ද වාර්තා වී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *