මිනුවන්ගොඩ පොකුරේ ආසාධිතයින් ගණන 2508 දක්වා ඉහළට

තවත් කොවිඩ් ආසාධිතයින් 57 දෙනෙකු ඊයේ රාත්රීයේ වාර්තා වීමත් සමගම ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාධිතයින් ගණන 166ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (21) රාත්රියේ වාර්තා වූ ආසාධිතයින් 57 දෙනාගෙන් එක් අයෙක් නිරෝධායනය සඳහා යොමුකර සිටි කෙනෙකු වන අතර, සෙසු 56 දෙනා ආසාදිතයින්ගේ ආශ්රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කළේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මේ දක්වා මිනුවන්ගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2508ක් බවයි.
