මැතිව්ස්ගෙන් ද්විත්ව ශතකයක්

සිම්බාබ්වේ හි හරාරේ නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 200ක් ලබා ගැනීමට අද(22) සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 515ක් ලබා සිටියදී ඉනිම අත් හිටවනු ලැබීය.
ඒ අනු ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටී.

අද සිව්වැනි දිනයට තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 30ක් ලබා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *