මා කළ විකට රැගුම් ආණ්ඩුව ඇත්තටම කරනවා – බන්දු කියයි

තමා රංගන ශිල්පියෙකු ලෙස නිරූපනය කළ විකට ජවනිකා වර්තමාන ආණ්ඩුව විසින් නිරූපනය කරන බව ප්‍රවිණ රංගන ශිල්පි බන්දු සමරසිංහ පවසයි.

බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ ජන හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කලාකරුවන්ගේ සභාගිත්වයෙන් බේරුවල ප්‍රදේශයේ දි පැවැත්වූ අවස්ථාවේ ඊට එක්වෙමින් බන්දු සමරසිංහ මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රංගන ශිල්පි බන්දු සමරසිංහ මෙසේ කියා සිටියේය.

” මාව කොපිකරලා බොරු කියනවා ඒ බොරුවම ඒ අය ඇත්ත කරනවා මාර වැඩේ ලංකාවට වුණේ. මම රගපානවා නොවෙයි රඟපාන්නේ ඒ අයයි මම නොවෙයි රැ දනියෙල් දවල් මිගෙල්. රෑ දනියෙල් දවල් මිගෙල්ලා ඒ අයයි මම බැරිම තැන තමයි මේ ගමන ආවේ . මම තමුන්නාන්සේලා හිනස්ස හිනස්ස ආවා මේ අවරුදු හතර හමාරම ඔරවනවා. එක වේලයි කන්නේ – බඩගින්න වැඩියි මොකක්හරි වුණාම කොමිටියක් පත්කරනවා. හොඳම නායකයෝ ටික දානවා මට මේවා කියන්න තේරෙන්නේ නෑ මට අධ්‍යාපනයක් නෑ ඒ නිසා ඇමති කෙනෙක් වෙන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *