මාළු

මාළු ඇල්ලුවොත් අත හොඳින් හෝදන්න

පෑලියගොඩ මාළු වෙළෙඳපොලෙන් කොරෝනා වාර්තා වීමත් සමග ජනතාව අතර සැකයක් මතුව තිබෙන මුත් මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ ගැන පවසා තිබුණා.

ඔහු සඳහන් කරන්නේ මාළු අතපත ගෑමක්හෝ ස්පර්ශ කිරීමක් සිදුවෙනවා නම් ඉන් පසුව අත සේදීම හොඳින් කළ යුතු බවයි.

“කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. ඒ නිසා අපි තවමත් නිශ්චිතව කියන්න දන්නේ නෑ මාළුන්ගේ පෘෂ්ඨයේ මේ වෛරසය තැවරිලා තිබෙනවානම් ආසාදිතයෙකුගෙන් එය කොයිතරම් දුරකට ව්‍යාප්තවීමට බලපානවද කියලා..”

නමුත් ඒ නිසා මාළු අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. යම්කිසි විදිහකින් මාළු පිරිසිදු කිරීමක්, අතපත ගෑමක් ස්පර්ශ කිරීමක් සිදුවෙනවා නම් ඉන් පසුව අත හොඳට හෝදනවානම්, මුහුණ ඇල්ලීමෙන් වළකිනවානම් අපිට පුළුවන් මාළුන්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය රැදී තිබෙනවානම් එය තවත් අයෙකුට පැතිරීම වළක්වා ගැනීමට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *