මාර්තු මාසය වන විට දීර්ඝ විදුලි කප්පාදුවක් ගැන ලංවිම ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

ඉල්ලූ පරිදි අවශ්‍ය ගල් අඟුරු තොග නොලැබුණහොත් ලබන වසරේ මාර්තු මාසය වන විට දීර්ඝ කාලයක් විදුලිය විසන්ධි වීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අනතුරු ඇඟවීය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් ගල් අඟුරු යාත්‍රා 38ක් අවශ්‍ය වන නමුත් මේ වන විට පැමිණ ඇත්තේ නැව් 05ක් පමණක් බවත් වීරරත්න මහතා පැවසීය.

ඉතිරිව ඇත්තේ මාස 04ක් පමණක් බවත්, ගොඩබෑමට හැක්කේ යාත්‍රා 24ක් පමණක් බවත් පැවසූ ඔහු, කෙසේ වෙතත් යාත්‍රා 29ම ගොඩබෑම කළ යුතු බවද පැවසීය.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දැනට නිෂ්පාදනය කරන්නේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 45%ක් පමණක් බව වීරරත්න මහතා අනාවරණය කළේය.

ඉල්ලූ පරිදි අවශ්‍ය ගල් අඟුරු තොග නොලැබුණහොත් ලබන වසරේ මාර්තු සහ අපේ‍්‍රල් දක්වා ජුනි මාසයට නියමිතව තිබූ විදුලි කප්පාදුව ඉදිරියට ගෙන යන බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *