දිනෙන් දින උග්‍ර වන මාර්ග තදබදයට විසදුමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද (24) සිට යෙදවීමට කටයුතු යොදා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම වැඩපිලිවල අද සිට ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7 සිට 10 දක්වා ද, සවස 4 සිට 7 දක්වාද මාර්ග තදබදය අවම කරලීමේ අරමුණින් රථ වාහන පොලිසියේ සහයට යුධ හමුදාවේ පොලිස් රෙජිමේන්තුවේ නිලධාරින් අනියුක්ත කෙරේ.