මාධ්‍යවේදියෙකුගේ නිවසට කඩා වැදුණු සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට…

නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී හේමන්ත කහවලගේ මහතාගේ නිවසට කඩා වැදුණු සැකකරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙසැම්බර් 19 වැනිදා අලුයම පානදුර ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස ජනේලයක් කඩා රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බවට පානදුර උතුර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් සන්තකයේ තිබී රන් මුදු 4ක්, අත් පළඳනාවක්, පෙන්ඩන්ට් 2ක්, ලැප්ටොප් පරිගණක 2ක්, ටැබ් 2ක්, රන් කැටයක්, ජංගම දුරකථන 3ක්, රුපියල් පනස් දහසේ මුදල්, පරණ මුදල් නෝට්ටු කිහිපයක්, හෙරොයින් ග්‍රෑම් 10ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුගේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කළුතර අපරාධ කොට්ඨාසයට විමර්ශන භාරදීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *