මාතර බන්ධනාගාරයේ ව්‍යාප්ත වූ උණ රෝගය ගැන දැනුම්දීමක්

උණ රෝගීන් පිරිසක් වාර්තා වු මාතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

උණ රෝගීන් 17 දෙනෙකු වාර්තාවීමත් සමඟ බන්ධනාගාරය තුළ දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තේය.

කෙසේවෙතත් උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ එක් රෝගියෙකු මියගිය අතර පසුගිය පැය 48 කාලය තුළ කිසිදු රෝගීයෙකු වාර්තා වී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා සඳහන් කළේය.

“මේ වනවිට මාතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඊයේ දිනයෙත් රෝගීන් කිසිවෙක් වාර්තා වෙලා නැහැ. මේ දක්වා රෝගීන් 17 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කළ අතර එක් අයෙක් මිය ගියා. ඊට අමතරව දැඩි සත්කාර ඒකකයේ දෙදෙනෙකු හා සාමාන්‍ය වාට්ටුවල තවත් රෝගීන් 14 දෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේවුවත් බන්ධනාගාරයේ සෞඛ්‍ය අංශයත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශත් එකතුවී බන්ධනාගාරයේ රෝගීන් පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඊට පසුව රෝගීන් කිසිවෙක් වාර්තාවීමක් සිදුවූයේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *