මහ මැතිවරණයෙන් පසු බොදු බල සේනාවට වෙන්න යන දේ

එළැඹෙන මහමැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. අද(19) රාජගිරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියහ.

තම සංවිධානයේ බලාපොරොත්තු ඉටුවී ඇති බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කරන බව ඥානසාර හිමියෝ පෙන්වා දුන් අතර මෙවර ජනපතිවරණ ප්‍රතිඵල සමග සුළු ජාතික ඡන්ද නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවට වූ මතය මිත්‍යාවක් බවට පත්වූ බව ද ප්‍රකාශ කළහ.

එමෙන්ම වත්මන් නායකත්වයත්, මහ මැතිවරණයෙන් පසු පත්වන ඇමති මණ්ඩලයත් සමග රටෙහි ස්ථාවරත්වය ගොඩනැගිය හැකි බැවින් තම සංවිධානය විසුරුවා හරින බව ඥානසාර හිමියෝ කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *