අනුර කුමාර ඇතුළු 33කට ඇපත් නෑ

මෙවර ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් 35 දෙනාගෙන් 33දෙනකුගේ ඇප මුදල් අවලංගු වී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව වලංගු ප්‍රකාශිත ඡන්දවලින් සියයට 5ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමට අපොහොසත්වන අපේක්ෂකයින්ගේ ඇප මුදල අවලංගුවීම සිදුවේ. මේ හේතුවෙන් මෙවර ජනපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ඇපද අවලංගු වේ.

මෙවර 5% ඉක්මවා ඡන්ද ලබාගත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් දෙදෙනා පමණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 52.25ක් වන අතර සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 41.99කි. අනුර කුමාරකනායක මහතාට ලබාගත හැකිවූයේ සියයට 3.16 ක ඡන්ද ප්‍රතිශතයකි. අනෙක් සියලුම අපේක්ෂකයන්ට සියයට1 ක ඡන්ද ප්‍රතිශතයක්වත් ලබාගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *