මහින්ද

මහ මැතිවරණයට මහින්ද නාමයෝජනා අත්සන් කරයි

2020 මහ මැතිවරණයට කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් තරග කිරීම සදහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (11) නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබුවා. ඒ, යි. කොළඹ විජේරාම මාවතේ පිහිටි අග‍්‍රාමාත්‍ය නිල නිවසේදී.

මහා සංඝ රත්නයේ සෙත්පිරිත් ස‏ජ්ඡුායනා මධ්‍යයේ මහින්ද රාජපක්‍ෂ මහතා නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබු අතර ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ දිස්ති‍්‍රක් නායකයන් 15 දෙනෙකුද නාම යෝජනාවලට එහිදී අත්සන් තැබුවා.

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර , මාතර, ගාල්ල, කෑගල්ල, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, පුත්තලම, ති‍්‍රකුණාමලය, මහනුවර, නුවරඑළිය හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවල දිස්ති‍්‍රක්කවල නාමයෝජනා භාර දෙනු ලබන නියෝජිතයින් හා දිස්ති‍්‍රක් නායකයින් එලෙස නාමයෝජනාවලට අත්සන් තැබූ බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකය සදහන් කළ අතර පොළොන්නරුව, මාතලේ, අම්පාර, මඩකලපුව, යාපනය සහ වන්නි යන දිස්ති‍්‍රක්කවල නාමයෝජනා භාර දෙනු ලබන නියෝජිතයින් හා දිස්ති‍්‍රක් නායකයින් නාමයෝජනාවලට අත්සන් තැබීම එහිදී සිදුව නැහැ.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද එක්ව සිටියා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *