Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශයට ජනපති පිළිතුරු දෙයි.

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශයට ජනපති පිළිතුරු දෙයි.

අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමි වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රිවිධ මහානාහිමිවරුන් යොමුකළ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදී ඇති බව මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

“අතුරු ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ වන බවත්, ආර්ථික අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ත්‍රිවිධ මහානාහිමිවරුන් වෙත ලිපියක් යවමින් පවසනවා” මැදගම ධම්මානන්ද හිමියෝ අදදෙරණට පැවැසූහ.

පසුගිය සතියේ ප්‍රකාශයක් කරමින් මහ නාහිමිවරුන් ජනාධිපතිවරයා, අගමැති, විපක්ෂ නායක ඇතුළු සියලුම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ වත්මන් අර්බුදය විසඳීම සඳහා තමන් ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක කරන ලෙසයි.

පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් නොදුන්නොත් ‘සංඝ සමුළුවක්’ ප්‍රකාශයට පත් කරන බවට මහ නාහිමිවරු අවවාද කළහ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන එන ලෙසද හිමිවරු ඉල්ලා සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *