ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන එන ලද මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාල දිනය සිහිපත් කොට “අනු බුදු මාහිමි කෘත ගුණ පූජා” නමින් විශේෂ පුණ්‍ය මහෝත්සවයක් මිහින්තලයේ දී ඔත්තෝබර් මස 5 වැනි දින එනම් හෙට දින පැවැත්වේ.
එම පිංකම නිමිති කරගෙන මිහිදු මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා කිහිප නමක් සැදැහැවතුනට වන්දනා කරගැනීම පිණිස විශේෂ රිය පෙළහරකින් කොළඹ සිට මිහින්තලය දක්වා වැඩම කරවීම ඊයේ සහ පෙරේදා යන දෙදින තුල සිද්ද වුනා. එහිදී පාර දෙපස රැස්වුන දහස් සංඛ්‍යාත පිරිසක් එම ධාතූන් වහන්සේලාට පුෂ්පෝපාහාර දක්වමින් වන්දනා කළා.
මහින්ද රාජපක්ෂ මහතා ද ධාතූන් වහන්සේලා වන්දනා කරයි.
එම රිය පෙරහැර කඩවත නගරය හරහා ගමන් කරද්දී හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාපපක්ෂ මහතා ද කුරුණෑගල සිට කොළඹ දක්වා එමින් සිටි අතර මිහිදු මා හිමියන්ගේ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ අවස්ථාව ඒ මහතාටත් හිමි වුණා.
මුහුදු මහා විහාරය ගැන විශේෂ ප්‍රකාශනයක්..
එහිදී ශ්‍රද්ධා රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පොතුවිල් හී පිහිටි මුහුදු මහා විහාරයට අත්ව ඇති ශෝචනීය ඉරණම ගැන තම අදහස් ප්‍රකාශ කළා. එහිදී ඒ මහතා සඳහන් කලේ නිවාස සෑදීම පිණිස මුහුදු මහා විහාරයේ පෞරාණික ගල් කුළුණු, නටබුන් ගලවා ඇති බවයි.