නවෝද්

මහින්දයේ නවෝද් පරණවිතාන 409 යි

පාසල් ක්‍රිකට් වාර්තා පොත අලුත් කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක නවෝද් පරණවිතාන පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 400 ක් ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වීමට ඊයෙ(11 වැනිදා) සමත්විය.

නවෝද්ගේ මෙම ලකුණු 409 ත් සමගින් කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව වයස 19 න් පහළ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයේ අවිෂ්ක තරිඳු ලකුණු 350 ක් රැස්කරමින් තබා තිබූ වාර්තාව බිඳ වැටෙනු ඇත.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පළමු කොටසේ තරගයකදී මෙම වාර්තාව පිහිටුවීමට මෙම වමත් පිතිකරුවා සමත්විය. මිනිත්තු 502 කට ආසන්න කාළයක් කඩුල්ලේ රැඳී සිටි නවෝද් දැවීයන විට පන්දු 327 කට මුහුණ දී සිටි අතර හයේ පහර 19 ක් සහ හතරේ පහර 39 ක් සමගින් ලකුණු 409 ක් ලබාගැනීමට ඔහු සමත්විය.

නවෝද්ගේ ලකුණු 409 ත් සමගින් මහින්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 679 ක් රැස්කිරීමට සමත්විය. ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම සඳහා ලකුණු 185 ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක් දැවී ලකුණු 25 ක් රැස්කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *