මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ පිරිසෙන් එක් අයෙක් තාප්පයෙන් වැටී මරුට

අද (02) දින අලුයම 3.00 ට පමණ මහර බන්ධනාගාරයේ “O” වාට්ටුවේ රඳවා සිටි 09 දෙනෙක් එම බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කොට තිබෙන අතර එහිදී එක් රැඳවියෙකු තාප්පයෙන් පැන යාමට උත්සාහ කොට ඇති අවස්ථාවේ ඔහු ඉන් බිමට ඇද වැටී තිබේ. බරපතල තුවාල ලැබූ එම රැඳවියා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇති රැඳවියා 27 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කඩවත ප්‍රදේශයේ පදිංචි අයෙකි. මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන මොහුට ගෙවල් බිඳීම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තුනක් තිබෙන බවටයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ.

මෙම රැඳවියන් පිරිස බන්ධනාගාරයෙන් පැන යන අයුරු බන්ධනාගාර නිලධාරීන් දුටු විට ඔවුන්ව බිය ගැන්වීමට අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙනවා.

පළායාමට තැත් කළ අනෙක් රැඳවියන් 08 දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් පරීක්ෂණයක් සිදුකරන අතර බන්ධනාගාර මුලස්ථානය වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතව බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *