සහන මිලට හෝටල් කාමරයක මුදල් ගෙවා නිරෝධායනය වීමේ වැඩපිළිවෙලක්

විදේශ රටවල රැදී සිට මෙරටට නැවත පැමිණෙන ලාංකිකයින් හට මුදල් ගෙවා නිරෝධායනය වීමට අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය විසින් කටයුතු සුදානම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

මේ වන විට සියලු හමුදා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් හමුදා කඳවුරු තුල නිරෝධායන මධ්‍යස්ථාන ඉදිරියට පවත්වාගෙන යාමට යම් දුෂ්කරතාවන් ඇති වී තිබෙන බවත්, නමුත් රජය විසින් ගෙන යන නිරෝධායන වැඩසටහන සඳහා හමුදාව විසින් අවශ්‍ය සියලු පහසුකම් ලබාදීම සිදුකරමින් සිටින බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටී

වැඩිදුරටත් අදහස් දැක්වූ හමුදාපතිවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා.

“විදේශවල රැදී සිට මෙරටට පැමිණෙන අය රජයෙන් ඉල්ලීම් කරලා තිබෙනවා මුදල් ගෙවා නිරෝධායනය වීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසට, ඒ අනුව හෝටල් හිමියන් ලාභයක් ලාපොරොත්තු නොවී තමයි මේ දේ සිදුකරන්නේ. ඔවුන් සාමාන්‍යයෙන් මේ හෝටලයක කාමරයක් සංචාරකයින්ට දෙන්න රු. 20,000 – 35,000ක් අතර මිලකට. නමුත් මේ හෝටල් කාමරයක ඉදලා තුන්වේලට කෑම සහ තේ ඇතුළුව දවසකට රුපියල් 7500 ක මුදලක් විතරයි අය කරන්නේ.

ඒ වගේම මේක නිරෝධායන වැඩපිළිවලක් නිසා නිරෝධායනයට ලක්වෙන අයට පමණයි එන්න පුළුවන්. මේ හැම කටයුත්තක්ම යුධ හමුදාවේ අධීක්ෂණය යටතේ තමයි සිදුකරන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *