බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (21) රාත්රී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි. මියගිය පුද්ගලයා මහරගම, නාවින්න ප්රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙකි. ඝාතනය සිදුකළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
2020-01-22