ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ තොරතුරුවලට අනුව “කොවිඩ් 19 වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ තුනක්” වාර්තා වී ඇති බවට තමන් ප්‍රකාශ කළ බවත්, තම ප්‍රකාශය අත්වැරදීමකින් කියූ දෙයක් බවටත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මීට අමතරව රාජිත සේනාරත්න මහතාද පසුගියදා ප්‍රකාශ කළේ පාසල් සිසුන් දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ මහජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධවයි.