Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

‘මන්ත්‍රී විශ්‍රාම වැටුප නෑ – කැබිනට්ටුවට 30යි‘ – ප්‍රතිපත්ති මාලාව එළිදක්වමින් අනුර කුමාර කියයි

‘මන්ත්‍රී විශ්‍රාම වැටුප නෑ – කැබිනට්ටුවට 30යි‘ – ප්‍රතිපත්ති මාලාව එළිදක්වමින් අනුර කුමාර කියයි

අවුරුදු 5කින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන විශ්‍රාම වැටුප නතර කරන බවත්, ජනාධිපතිවරු මහජන මුදලින් නඩත්තු කිරීම නතර කරන බවත්, කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන බවත් ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹදී අද(26) ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දේශයේ අපේක්ෂාව ලෙස නම් කර ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරුණි.

දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරවීම සඳහා ඉදිරියේදී නීතිමය බැඳීමක් ඇති කරන බවද එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. කිසිදු ජන කොටසක් තුළ අන්තවාදයක් ගොඩ නැගීමට ඉඩ නොදෙන බවත් එහිදී අදහස් දැක්වු අනුර කුමාර මහතා කියා සිටියේය.

ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහනය, සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිය ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ජාතික ජනබලවේගය විසින් එළිදැක්වුණු අතර ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති මෙය ඒ සියලු ප්‍රකාශයන්ගේ එකතුවයි.

 

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *