ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය අද(27) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව පළමු තරගය අද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩි ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය පකිස්තාන සංචාරයට එක් නොවූ නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන් එක්ව සිටින අතර පකිස්තාන සංචාරයේදී දස්කම් අතරට පැමිණි භානුක රාජපක්ෂද සංචිතයට ඇතුළත්ව සිටී.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල, ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්, ෂෙහාන් ජයසූරිය, අවිශ්ක ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ ඕෂද ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වේ.

ඕස්ට්‍රේලියා කණ්ඩායම ආරොන් ෆින්ච් විසින් මෙහෙයවනු ලබන අතර ඇලෙක්ස් කේරි, ඩේවිඩ් වෝනර්, ස්ටිව් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, ඇෂ්ටන් ටර්නර්, ඇෂ්ටන් අගර්, කේන් රිචඩ්සන්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, බිලී ස්ටෙන්ලේක්, ඇඩම් සම්පා, සීන් ඇබොට් සහ බෙන් මැක්ඩමට් සංචිතයට අයත් සෙසු ක්‍රීඩකයෝ වෙති.

ඕස්ට්‍රේලියා අගමැතිවරයාගේ කණ්ඩායම සමග පැවැති පුහුණු තරගය පසුගිය 24වැනිදා පැවැති අතර එහිදී අවසන් පන්දුවේදී එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියා අගමැතිවරයාගේ කණ්ඩායම සමත් විය.

(Image – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *