ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ කීර්ති නාමයට හානි වන පරිදි මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ බව කියන මිල්ලදෙනිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයකු වන ද රවීන්ද්‍ර රම්මුතු නොහොත් කෝකිල නමැති අය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ නිවස පිහිටි බටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය කොළඹ ප්‍රසිද්ධ හෝටල් වෙත රැගෙන යන මන්ත්‍රීවරු සමග ඇය මුදලට යහන්ගත වන බවට හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මුහුණු පොත හරහා පෝස්ටුවක් පළ කර තිබුණි. මේ පිළිබඳව මන්ත්‍රීවරියගේ නීතිඥවරු කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය වෙත පැමිණිල්ලක් කොට ඇයගේ කීර්ති නාමයට හානි පැමිණවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා තිබුණි.
ඒ අනුව මේ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට ඊයේ (2)දා ඔහු පදිංචි නිවසට ගිය අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බව පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව බටගොඩ ප්‍රදේශයේදී අද ඔහු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරයි.