මධූෂ්ගේ අවසන් කටයුතු මහරගමදී

මාලිගාවත්තේදී වෙඩි හුවමාරුවකදී වෙඩි වැදී මියගිය මාකඳුරේ මධූශ්ගේ දේහය මේ වන විට පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබේ. දේහය පිලිබද අවසන් කටයුතු මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

මධුෂ්ගේ නීත්‍යනුකූල බිරිඳ වන ගයානි මුතුමාලි වෙත මෘත ශරීරය අධිකරණය විසින් භාර දුන්නද පසුව එය නීත්‍යානුකූල බිරිඳ විසින් මධුෂ් සමග ඩුබායිහි ජීවත්වූ දෙවැනි බිරිඳට භාරදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි. මධුෂ්ගේ දෙවැනි බිරිඳ මහරගම කළු තුෂාර නමැති පාතාල සාමාජිකයාගේ බිරිඳ බවටයි සැලකෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *