මත්ද්‍රව්‍ය උවදුර තුරන් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මොරටුව ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් පැවසූහ.
සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධාන කරන ජනරැලි මාලාවේ රැලියකට එක්වෙමින් උන්වහන්සේ වර්තමානයේ හැම තැනකම කුඩුකාරයෝ සිටින බවත් කේරළ ගංජා, අයිස් වැනි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙමින් සිටින බවත් කියා සිටියහ.
“අම්මලා හදපු දරුවෝ අද වල්මත් වෙනවා. ඇයි මේ? හමුදාව දුර්වල කළා. නාවික හමුදාව දුර්වල කළා. කේරළෙන් හැමතැනින්ම අද ලංකාව මත්ද්‍රව්‍ය තිප්පොලක් බවට පත් වෙලා. මධූෂ් ඇල්ලු පළියට කුඩු අඩු වෙලා නෑ. පිටරටින් එන ගංජා නවත්තන්න අපි ත්‍රිවිධ හමුදාව, තාක්ෂණීකරණය කරලා සීරුවෙන් තියනවා. කුඩු සංස්කෘතිය අපි සම්පූර්ණයෙන්ම අතුගා දානවා. ඒක කරන්න පුළුවන් ගෝඨාභයට විතරයි.” යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ.