Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

මත්තල ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටත්ව යන අයට වට්ටම්

මත්තල ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටත්ව යන අයට වට්ටම්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂිතයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව මෙරටින් විදේශ රැකියා සදහා පිටත් ව යන පිරිස ලක්ෂ 02 ක් පමණ වේ. මෙම සංක්‍රමණික සේවකයන්ගේ 20%ක් පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක නවයකින් පිටත්ව යන බව හෙළිව තිබේ.

මත්තල ගුවන් තොටුපළේ අලෙවි කරන ශක්‍යතා අධ්‍යයන වාර්තාවකින් මේ බව හෙළිව තිබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. මෙම සංක්‍රමණික සේවකයන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ හරහා විදේශගත කිරීමේ වැඩපිළිවෙල හරහා ගුවන් තොටුපල ගුවන් ගමන් සදහා ආකර්ෂණිය ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

මේ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බැවින් ඉදිරියේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පැවසු රණතුංග මහතා එමගින් විදේශ රැකියා සදහා පිටත්ව යන අයට ද සහන සැලසෙන බව පෙන්වා දුන්නේය.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මත්තල ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක මේ වන විට නිරත ව සිටි. ඒ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම්වල මෙරට කළමණාකරුවන් සමග ද සාකච්ඡා ආරම්භ කර තිබේ. ඉතා කඩිනමින් මත්තල සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ද රණතුංග මහතා කීවේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *