මතභේදයට තුඩු දී ඇති මල්වාන නිවසේ මැයි මස 1 වැනිදා සිට එහි පදිංචිව සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊයේ (18) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම ස්ථානයෙන් ඉවත් වීමට එකඟ වී තිබේ.
දේපළවල අනාගතය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ සිසුන් අතර පැවති සාකච්ඡුා සාර්ථක වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සම්බන්ධ බව කියන දේපළ දැඩි ඉඩකඩ හිඟයකට මුහුණ පා සිටින විශ්වවිද්‍යාල ඇතුළු ජනතා පරිහරණය සඳහා ලබා දෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් මැයි 14 වැනිදා මල්වාන වත්තේ විරෝධතාවක් පවත්වා තිබුණි.
අක්කර 15කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුත් මල්වාන වතුයාය මීට පෙර “හිමිකරු නැති දේපළක්” ලෙසින් හඳුන්වා දී ඇති අතර එය වසර කිහිපයක් පුරාවටම මහජන ආන්දෝලනයට තුඩු දී තිබේ.


