මගී බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වාදීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සැලසුම් කර තිබේ.
කොමිෂන් සභාව සඳහන් කළේ, බස් රථයක් ගමන් ආරම්භ කරන ස්ථානයේ සිට අවසන් ගමනාන්තය දක්වා සම්පූර්ණ ගමන් මාර්ගයම නිරීක්ෂණය කළ හැකි පරිදි මෙම ක්‍රමවේදය සකස් කරන බවයි.
මෙම නව ඩිජිටල් නිරීක්ෂණ පද්ධතිය මෙම වසර තුළදී මගී බස් රථ සඳහා හඳුන්වාදීමට අපේක්ෂා කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය.
මෙම පද්ධතිය මගින් බස් රථ මෙහෙයුම් කටයුතු, මගී ආරක්ෂාව, රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ හැසිරීම, වාහන වේගය සහ බස් නැවතුම් ස්ථාන ඇතුළු කරුණු කිහිපයක් නිරීක්ෂණය කිරීමට නියමිතය.
නිරීක්ෂණ පද්ධතිය හරහා නීති රීති උල්ලංඝනය කිරීම් අනාවරණය වුවහොත්, අදාළ බස් රථවලට එරෙහිව දඩ ලකුණු ලබාදීම සහ ධාවන බලපත්‍ර අවලංගු කිරීම ඇතුළු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


