කොළඹදී මේ දිනවල පැවැත්වෙන බෝරා සමුළුව හේතුවෙන් ගව මස් සැපයීම පිණිස ගෝ ඝාතක ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කරමින් ගවයන් විශාල ප්රමාණයක් දිනපතා එකවර ඝාතනය කරන බව සත්ත්ව හිංසා ජාතික එකමුතුව පෙන්වා දෙයි.
නීති විරෝධීව කරන මෙම ගව සංහාරය සඳහා කොළඹ හා තදාසන්න ප්රදේශවල නිදැල්ලේ සිටින වසු
පැටවුන්, එළදෙනුන්, ගැබ්බර එළදෙනුන් හා රෝගාතුර ගවයන් අමානුෂික ලෙස ඝාතනය කර වෑන් රථ හා කුඩා ලොරි රථවලින් ස්ථිර හා තාවකාලික ගව ඝාතකාගාරවලට රාත්රි කාලයේ හොර රහසේ
ප්රවාහනය කරන බවත් ඒ පිටුපස රජයේ ප්රබල ඇමැතිවරු කිහිපදෙනකු සිටින බවත් දැනගන්නට ඇතැයිද
එහි සම ලේකම් ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ මහතා ප්රකාශ කරයි.
ගව ඝාතනයට අදාළ නීතිරීති නොතකා සොබාදහම පවා කම්පාවට පත් කරන මෙම ගව ඝාතන වහාම
වැළැක්වීමට බලධාරීන් අවධානය යොමුකළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.
(Image – Republic next Sri Lanka)