බෙලරූස් රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 277 ක් දිවයිනට

බෙලරෑස්හි මින්ස්ක් (Minsk) නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු ඊයේ (28) රාත්‍රී 11:45ට පමණ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-1206 දරන විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිසෙන් වැඩි දෙනෙකු එරට උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගතවූ සිසුන් වේ.

ගුවන් තොටුපළ වෙත පැමිණී මෙම පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කෙරුණු අතර, අනතුරුව ඊයේ රාත්‍රීයේම නිරෝධායන ක්‍රියාවලිය සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *