LK reports news sinhala

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට

හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (29) දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ඒ ඉකුත් මාර්තු මස 18 වැනිදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

සරත් ෆොන්සේකා මහතා සිදු කල අදාළ ප්‍රකාශයකින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව තුළ අනිසි බියක් ඇති කළ බවට චෝදනා එල්ල වී තිබේ. ප්‍රකාශය සටහන් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද නියමිතව ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *