මැතිවරණ පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද දිනයේදීත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් අටවන දිනටත් සලකා බැලීම ඊයේ (28) දිනයේ සිදු කෙරුණා. ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.

පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස මැදිහත්වීමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති පාර්ශවකරුවන් 15 දෙනා අතරින් ජූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, කේ. ත්‍යාගරාජා, මල්වතු පාර්ශවයේ අධිකරණ සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර හා මහාචාර්යය සුදන්ත ලියනගේ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ ඊයේ දිනයේ කරුණු දක්වනු ලැබීය.

ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම අද (29) පෙරවරු 10.00ට යළි ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *