බුද්ධ අනුරුවක් විනාශ කර ඇද්ද?

කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ තිබූ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍යවල

වීඩියෝවක් සංසරණයවේ.

එම වීඩියෝව පිළිබඳව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ,

එම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්පවලින් තනන ලද අනුරුවක් බවයි.

එමෙන්ම වසර ගණනාවක් වෙසක් කලාපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන්,

කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ තිබූ එම බුද්ධ අනුරුව කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 16 වන දින එම අනුරුව ඉවත්කළ බව උක්ත නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *