බුද්ධංගල ආනන්ද හිමිගේ ශ්‍රී දේහය බෞද්ධ මහා සම්මේලනයට

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු ලබන 31 වනදා සිදු කිරිමට තීරණය කර තිබේ.

උන්වහන්සේගේ දේහය අද පෙරවරු 08.30 සිට බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ තැන්පත් කිරීමට නියමිතව ඇත.

බුද්ධංගල ආනන්ද හිමියන් අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සහෝදරයෙකු වන අතර උන් වහන්සේ ගිහි ජිවිතයේ දී ආනන්ද වීරසේකර නම්විය.

ගිහිකළ යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු ලෙස ද සේවය කර තිබේ.

හෙට දිනයේ උන්වහන්සේගේ ශ්‍රී දේහය අම්පාර දක්වා ගුවනින් රැගෙන යාම සැලසුම් කර තිබේ.

ශ්‍රී දේහය එදින පස්වරු 04.30 සිට දේහය බුද්ධංගල ආරණ්‍ය සේනාසන තැන්පත් කිරීමට නියමිතය.

ආදාහන පුණ්‍යෝත්සවය ලබන 31 වනදා පස්වරු 03.00ට  බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී සිදු කිරිමටයි කටයුතු යොදා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *