බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 460 දෙනෙකු අත්අඩංගුවට

අද (23) උදෑසන 06න් අවසන් වූ ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 460 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ඒ අතරින් හෙරොයින් සමග 188 දෙනෙකුද, ගංජා සමග 106 දෙනෙකුද, නීති විරෝධි මත්ද්‍රව්‍ය සමග 102 දෙනෙකුද, අයිස් මත්ද්‍රව්‍ය සමග 21 දෙනෙකු සහ වෙනත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාලය වාර්තා කරයි.

එම සැකකරුවන් සපුගස්කන්ද, මිරිහාන, පෑලියගොඩ, මීගමුව, තලංගම, පමුණුව සහ දොම්පේ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *