අද සිට කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයකදී යුධ හමුදාව විසින් කොවිඩ් එන්නත් මහ ජනතාවට ලබා දීම ආරම්භ කර ඇත.
එන්නත් ලබා දීම සිදු කරන්නේ වයස අවුරුදු 30-59 වයස් කාණ්ඩවල පුද්ගලයන්ට බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ මොහොත වන විටත් එන්නත් ලබා දීමේ කටයුතු සිදු කරන අතර පහත ස්ථානවලදී එන්නත් ලබාදීම මේ වන විට සිදු වෙයි.
- P D සිරිසේන ක්‍රීඩාංගනය – මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට
- රොක්සි උද්‍යාන – සැවෝයි සිනමාහල අසළ
- විස්ට්වයික් ක්‍රීඩාංගනය – මට්ටක්කුලිය, මැද පාර, රාස්සමූණ කන්ද හන්දිය
- මුගලන් පාර සිතුමිණ ශාලාව – හයිලෙවල් පාර, නුගේගොඩ
- ඛෙත්තාරාම විහාරය – ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසල
- කැලණිය – දළුගංගොඩ සායන ශාලාව * සීදූව – දැවමොට්ටාව පන්සල
- ගම්පහ – ගම්පහ පොදු වෙළඳ පොළ * දොම්පේ – කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය
- ජාඇළ – නිවාසි පුර ප්‍රජා මධ්‍යස්ථානය, මහවත්ත, ඒකල.