බස්නාහිර ඇඳිරිනීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

මේ වනවිට බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 9 වැනිදා සිට ඉවත් කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (05) උදෑසන පුද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

වැඩදුරටත් අදහස් දැක්වූ යුධ හමුදාපතිවරයා කියා සිටියේ ජනාධිපතිතුමා රට විවෘත කිරීම පිළිබදව ඉතා පැහැදිලිව උපදෙස් දුන් බවයි. එමෙන්ම ඇඳිරිනීතිය යොදවා බලාපොරොත්තු වූයේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් තවත් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට බවත්, ඒ අනුව මේ දින 10 තුළ කරගත යුතු PCR පරීක්ෂණ සියල්ල සිදුකර කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් ජනාධිපතිතුමා තමාට උපදෙස් ලබා දුන් බවත්ය. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබාදුන් බව යුධහමුදාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *