බස්නාහිරින් පැන්නොත් එම ස්ථානවලම ස්වයං නිරෝධායනයට

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කර තිබියදීත් එම නියෝගය නොසලකා පළාතෙන් බැහැරව වෙනත් ප්‍රදේශවලට ගිය පුද්ගලයන් එම ස්ථානවලම ස්වයං නිරෝධායනයට යොමු කරන බවත්, එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ලෙස සියලු ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.

බස්නාහිර පළාතෙන් බැහැර හෝටල් සහ නවාතැන්පොල හිමිකරුවන් වෙත පොලිසිය දන්වා සිටින්නේ එවැනි කිසියම් අයෙකු පැමිණ ඇත්නම් පොලිසියට හෝ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙසයි.

කෙසේවෙතත් බස්නාහිර පළාතට පැමිණීමට කිසිවෙකුටත් බාධාවක් නොමැති බවත්, සෞඛ්‍ය සේවා, ඉන්ධන, ආහාර, බලශක්ති, විදුලිය, ජලය, ඖෂධ වැනි අත්‍යවශ්‍ය සේවා සපයන පුද්ගලයන්ට පමණක් රාජකාරි වාහනවලින් බස්නාහිර පළාතෙන් පිටතට යාමට අවසර හිමිවන බවත් අජිත් රෝහණ මහතා පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *