Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

බලු පැටවුන් දෙදෙනෙකු මතින් වාහනය පැදවූ කාන්තාවක් අත්අඩංගුවට…

බලු පැටවුන් දෙදෙනෙකු මතින් වාහනය පැදවූ කාන්තාවක් අත්අඩංගුවට…

බලු පැටවුන් දෙදෙනෙකු මතින් වාහනයක් ධාවනය වන අයුරු දැක්වෙන වීඩියෝවක් සති අන්තයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිත වීමෙන් පසු 27 හැවිරිදි කාන්තාවක් මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලු පැටවුන් දෙදෙනෙකු හිතාමතා මරා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් මතුරට පොලිස් ස්ථානයට පෙබරවාරි 18 වැනිදා ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ පසුගිය පෙබරවාරි 17 වනදා පදියපලැල්ල – රිකිලිගස්කඩ මාර්ගයේ කදුරකඩේ ප්‍රදේශයේදී මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි.

මාස 2ක් වයසැති බලු පැටවුන් දෙදෙනෙකු මෝටර් රථයක ඉදිරිපස සහ පසුපස රෝදවලට යටවී ඇති අයුරු අසළ නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

මෝටර් රථයේ ලියාපදිංචි අංකය පදනම් කරගෙන විමර්ශනය කර ඇති අතර එහිදී මෝටර් රථයේ හිමිකරු මතුරට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සිද්ධිය වන අවස්ථාවේ එහි රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ හිමිකරුගේ වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ බවත් අනාවරණ වී තිබෙනවා.

මෝටර් රථය පැදවූ 27 හැවිරිදි සැකකාරිය ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

සත්ත්ව හිංසන පනතේ වගන්තිවලට අනුවයි පොලිසිය ඇයට චෝදනා එල්ල කර තිබෙන්නේ.

සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඇය වරද පිළිගෙන ඇත.

පසුව ඇය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිණි. 100,000 කි.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *