බලපිටියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 15 කට කොරෝනා

කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ කොළඹ නැව් තටාකාංගන සේවකයකුගේ බලපිටිය, කටුවිල ප්‍රදේශයේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි සඳහන් කර සිටි.

ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වෛද්‍යවරයා පවසා සිටින්නේ පවතින තත්වය අනුව බලපිටිය, කටුවිල ග්‍රාම නිලධාරී වසම සඳහා දැඩි සංචරණ සිමා පනවා ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනුණු කොළඹ නැව් තටාංගන සේවකයාගේ පළමු පෙළ ආශ්‍රීතයින් පනස් දෙදෙනෙකු පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඔවුන්ගෙන් 34 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා ලැබීමත් සමග 15 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට මෙලෙස තහවුරු කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *