බන්ධනාගාර තුළින් වාර්තාවන කොවිඩ් ආසාධිතයින් ගණන 437ක් දක්වා ඉහළට

Share this Article

කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමගම ඊයේ (15) වැනිදා ‍වනවිට බන්ධනාගාර තුළින් බිහිවූ පොකුරේ ආසාදිතයන් ගණන 437 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාධිතයින් අතරින් දොළොස් දෙනකු බන්ධනාගාර නිලධාරීන් වන අතර සෙසු පිරිස බන්ධනාගාරගත රැඳවියන් බවටත්, වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරීන් අතර වැලිකඩ කාන්තා අංශයේ ප‍්‍රධාන ජේලර්වරියද සිටින බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 49 ක් හා නිලධාරිනියන් 13 දෙනකු නිරෝධායනය සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරී නිල නිවාස වෙත යොමු කිරීමට ඊයේ වන විට කටයුතු කර තිබුණු අතර බන්ධනාගාර පද්ධතිය තුළ ඇති වී තිබෙන මෙම තත්ත්වයත් සමග වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියලූම බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පියවර ගනු ලැබීය. එම තීරණයත් සමග අද (16) පෙරවරු 8.00 ට වන විට සියලූ බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ රාජකාරි ස්ථාන වෙත වාර්තා කළ යුතු බව නිවේදනය කරන ලදී.

මේ වනවිට කොළඹ පිහිටි වැලිකඩ කාන්තා, පිරිමි, මැගසින්, සීආර්පී යන බන්ධනාගාර සියල්ලන්ගෙන්ම මෙන්ම බූස්ස, මාතර, කුරුවිට, බෝගම්බර පැරණි බන්ධනාගාරය සහ දුම්බර යන බන්ධනාගාරවලින්ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.