බදුල්ල තරුණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 9ක් පැන යයි.

බදුල්ල, තල්දෙන විවෘත බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙකු පළා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක නිව්ස්වයර් වෙත කියා සිටියේ අද (17) අලුයම එම මධ්‍යස්ථානයෙන් රැඳවියන් පළාගොස් ඇති බවයි.

ඒකනායක ප්‍රකාශ කළේ පලාගිය පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පලාගිය ඉතිරි පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.

සුළු අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධවලට වරදකරුවන් වූ තරුණයින් බදුල්ල තල්දෙන විවෘත බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *