බදියුදීන්

බදියුදීන් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට

කතානායකවරයාගේ නියෝග මත දැනට බන්ධනාගාරගතව සිටින රිෂාඞ් බදියුධීන් මන්ත්‍රිවරයාට අද දිනයේ පාර්ලිමේන්තු පැමිණීමට අදාලව පහසුකම් සලසන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. අදාළ ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වෙතටද යොමු කර තිබේ.

එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ අද (22) සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙන පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගී වීමට රිෂාඞ් බදියුධීන් මන්ත්‍රිවරයාට පහසුකම් සලසන ලෙසයි.

විපක්‍ෂ නායකවරයා හා විපක්‍ෂයේ සංවිධායකවරයා පසුගියදා ඉල්ලා සිටියේ 20 වන සංශෝධනයට අදාල විවාදයට හා ඡන්ද විමසීමට සහභාගී වීම සඳහා රිෂාඞ් බදියුධීන් මන්ත්‍රිවරයාට අවස්ථාව ලබාදෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *