බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල ඉහළට…

තෝරාගත් ආහාර ද්‍රව්‍යවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 10% කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මාධ්‍ය වෙත කියා සිටියේ බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස්වල මිල ඉහළ දමන බවයි.

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් තෝරාගත් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

“පසුගිය විදුලි බිල වැඩි කිරීමේදී සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි කළේ නැහැ,” ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ එවැනි මිල ගණන් යටතේ ආපනශාලා හිමියන්ට තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව අසේල සම්පත් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *