පොළොන්නරුවට කෝච්චියෙන් යනවා කියපු එකා මන්දිරේකට වෙලා ඉන්නවා – රංගේගෙන් මෛත්‍රීට වාග් ප්‍රහාරයක්

“පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි හරිය කට ඇරියොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ලුම් ගස් යාමට සිදුවන බව” එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ අද(03) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කරනු ලැබුවා.

“මෛත්‍රිපාල සිරිසේන කියන්නේ මේ දේශපාලන ලෝකයේ කෙළෙහිගුණයක් කියලා දශමයක්වත් දන්නේ නැති මනුස්සයෙක්. එයා එජාපයේ සහයෝගය අරගෙන රටේ ජනාධිපත් ධූරයට පත් වෙලා ඔහු කරන්න පටන් ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් එජාපයටත් පහර දෙන එකයි.

ඒ වගේම බොහොම සරල විදියට ජීවත් වෙනවයි කිව්වේ. කෙහෙල් කොලේ බත් එක ගෙනැල්ලා කනවා කිව්වේ, ජනාධිපත් මන්දිරේ පාවිච්චි කරන්නේ නෑ කිව්වා. පිටත ගෙදරක ඉදන් මේ ජනාධිපති ධූරය කරනවා කිව්වා. ලයිට් බිලේ ප්‍රශ්ණයක් ඇදලා අරගෙන පැජට් පාරේ ගෙවල් තුනක් එකට එකතු කරලා කෝටි 800ක් වියදම් කරලා මාලිගාවක් හදාගත්තා. පොළොන්නරුවට කෝච්චියේ යනවා කියපු එකා දැන් පැජට් පාරේ මන්දිරේකට වෙලා ඉන්නවා. දැන කෝච්චියත් නෑ කෙහෙල් කොලෙත් නෑ, සරල ජීවිතෙත් නෑ, මන්දිරේට යන්නෑ කියලා කියපු කෙනා මෙතෙන්ට රිංගා ගත්තා.

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවායි කියපු කෙනා රෝයල් පාක් එකේ අන්ත අසික්කිත විදියට ඝාතනයක් සිදු කරපු විත්තිකාරයාව නිදහස් කළා. මේ පාස්කු ප්‍රහාරයේ තුන්සීයකගේ ඝාතනයේ වගකීම භාරගතයුතු ප්‍රධාන පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේනමයි, පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි ජනාධිපති කොමිසමට ඇවිල්ලා සාක්ෂි දෙන්න අදාළ ලියකියවිලි ගන්න ඉඩ දිය යුතුයි. ඔවුන් දෙපළ හරියට ඇවිල්ලා කොමිසම ඉදිරියේ කිව්වා නම් මේ සිද්ධියේ ඇත්ත ස්වභාවය මේකයි පොලිස් කොමිසමට කරපු බලපෑම මේකයි, පොලිස් පතිට කරපු බලපෑම මේකයි, පොලිස් පතිට කියනවා විදෙස් රටක තානාපති කම දෙන්නම් එතෙන්ට යන්න මාව බේරලා කියලා. මේ කතාව පොලිස්පති පූජිතට කියන්න ඉඩ දෙන්න ඕනි. මේ රටේ මිනිස්සුන්ට ඇත්ත දැනගන්න. ඉතින් මෙච්චර කාලයක් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කිය කියා ඉදපු මෛත්‍රීපාලට තමයි පූජිතයි හේමසිරියි හරියට කට ඇරියොත් එල්ලුම් ගහට යන්න වෙන්නේ…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *