පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජපක්ෂ  සිය විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කර තිබිණි.

සාගල රත්නායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත් ජනාධිපතිවරයාට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා දෙන ලෙසට දැඩිව ඉල්ලා ඇත.මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *